මැක්කාගේ my self
ඉපදුනු දවසේ මගේ අම්මල තාත්තල මට මැක්කා කියල නම දැම්මලු. ඉතින් එදා ඉඳල අද වෙනකල්ම මම මැක්කම තමයි. ලොකු ලොකු දේවල් කතා කලාට මොකද තාම ඉගෙන ගන්නවලු. ඉගෙන ගන්නේ මැචින් ඉස්කෝලේ කියල එකක. එකට මැචින් ඉස්කෝලේ කියල නම දැම්මේ ගොඩක් හිතල බලල.... ගේට්ටුව ළඟ ඉඳලම එකේ තියෙන්නේ මැචින්. කොච්චරද කිව්වොත් එකේ උගන්නන්න ඉන්නෙත් මැචින් ම තමයි. එකේ අකුරු කරන්න එන උන්වත් මැචින් කරන්න තමයි කවුරුත් මහන්සි වෙන්නේ. ඉක්මනටම මැචින් එකක් වෙච්ච එකා ගොඩ. ඉතුරු උන්ට ගෙදර යන්න වෙනවා. ඔන්න ඔහොමලු ඉස්කෝලේ හැටි. ඔය ඉස්කෝලෙට යන්න මැක්කා නැවතිලා ඉන්නේ යක්ස විමානේ. ඒ නම මැක්කාගේ ඔලුවට ආවේ ඒ විමානේ ඉන්න යක් පැටව් දෙන්නෙක් මතක් වෙලා. යක්ස විමානේ නැවතිලා මැචින් ඉස්කෝලේ ඉගෙන ගන්නකොට අහන්න දකින්න ලැබුණු දේවල් මේ බ්ලොග් එකේ දාල පොඩි fun 1 ක් (සමහරු කියන විදියට සිඟිති ආතල් 1 ක් ) ගන්න මැක්කටත් හිතුනා.
මැචින් ඉස්කෝලේ ඉන්න මැක්කෝ මැක්කියෝ වගේම පාරේ තොටේදී මුණ ගැහෙන ගොඩක් අය ගැන මැක්ක හරිම විමසිලිමත්. ඒ හින්දම මැක්කට මේකේ ලියන්න දේවල් ගොඩක් මතක් වෙනවා. එත් ඉතින් මේ කාටවත් මඩ ගහන්නවත් අපහාස කරන්නවත් නෙවෙයි. කියවන කෙනෙක්ට ආයෙත් පාරක් හිතල බලන්න විතරයි.....